ඔබට තවමත් Google Wave ගිණුමක් ලැබී නැත්නම් හෝ Google Wave අත්හදා බැලීමට කැමතිනම්, Comment එකක් මාර්ගයෙන් ඔබගේ Email ලිපිනය මට ලබාදෙන්න.  තවත් ඇරයුම් 4ක් මා සතුව ඉතිරිව ඇති අතර තවත් 2ක් මගේ යහලුවකුගේ මාර්ගයෙන් ලබාදීමට කටයුතු කළ හැක. ඔබගේ Email ගිණුමේ රහස්‍යභාවය සහතික කරමි.

Google Wave පිළිබඳ තවමත් නොදන්නා කෙනෙක් වෙතොත් පහත Video එක බලන්න.

What is Google Wave ?

Technorati Tags: , ,

සෑහෙන කාලෙකින් සටහනක් එකතු කරන්න බැරිව ගියේ ඉතා වැඩ අධිකව කාලය ගෙවුනු නිසයි. කෙසේ වෙතත් 2009 වර්ෂය අවසාන වීමට ඈත්තේ තව මාසයක් පමණයි :(.

ගොඩක් අය මගෙන් ඉල්ලීම් කරල  තිබුන වෙබ් අඩවි නිර්මාණකරනයට සහ සංවර්ධනයට පිවිසීමට යම් මාර්ගෝපදේශනයක් ලබා දෙන්න කියල, ඉතින් ඒ සඳහා උපයෝගී කර ගන්න පුළුවන් සම්පත් විශාල සංඛ්‍යාවක් අතුරින් තෝරාගත් කිහිපයක් මෙසේ ගෙන හැර දක්වමි.

1. W3Schools:

2. Quackit:

3. Web Developers Notes:

4. Web Design Library:

5. Webmonkey:

6. Microsoft Beginner Developer Learning Center:

7. jQuery for Absolute Beginners:

8.  50 Great Photoshop Tutorials for Clever Beginners:

9. CSS-Tricks:

10. Andy’s Introductory JavaScript Tutorials:

ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරියේදී ඔබ වෙනුවෙන් විශේෂ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු ඇතුව අදට සමු ගනිමි.

Technorati Tags: , , ,

මට කාලයක් තිස්සෙ විශාල ප්‍රශ්ණයක් වෙලා තිබ්බ දෙයක් තමයි, මොකද්ද මේ Web 2.0 කියන්නෙ කියල   :D .

Picture worth 1000 words කියනවනෙ,  මේක බැලුවනම් සීන් එක තේරෙයි.

webtimeline

ඔන්න එහෙනම් පොරොන්දු වූ පරිදි ඔබට නිසැක වශයෙන්ම වැදගත් වෙන ලිපියක් අද සටහනට එකතු කරන්නයි යන්නෙ. අන්තර්ජාල ඔස්සේ නොමිලේ අධ්‍යාපනය (Free Online Education Through Internet) ලබන්න පුලුවන් කිව්වම ඉතින් ගොඩක් අය විස්වාස කරන එකකුත් නෑ. අද මම කියන්න යන්නෙ ඇමරිකාවෙ යේල් කියන විශ්ව විද්‍යාලය (Yale University) මඟින් ලොව පුරා වෙසෙන ඕනෑම පුරවැසියෙකුට කිසිඳු බාදාවකින් තොරව හැදෑරීමට හැකිවන පරිදි සකසා ඇති පාඨමාලාවන් කිහිපයක් පිළිබඳ තොරතුරුය.

ප්‍රථමයෙන් කිව යුතු වන්නේ මෙම අධ්‍යාපන ක්‍රමය තුළ පාඨමාලාව හදාරන්නා විශ්ව විද්‍යාලය සමඟ සජීවීව සම්බන්ධ වීමක් සිදුනොවන බවයි. පාඨමාලාවේ අන්තර්ගතය විවිද මධ්‍ය උපයොගී කරගෙන පාඨමාලාව හදාරන්නන් වෙත ගෙන ඒම තමයි මෙහිදී සිදුවන්නේ. විවිද මාධ්‍ය කිව්වහම ඉතින් Video, Audio, PDF, DOC වැනි Digital Formats අයිති වෙනව. මෙහිදී මා දකින විශාලතම වාසිය වන්නේ තමාට පහසු කාල වේලාවන් තෝරා ගෙන අධ්‍යන කටයුතු කරගෙන යෑමට ඇති හැකියාවයි. අනික ඔබට ලංකාවේ උසස් අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් තිබේ නම් වෙනත් රටක විශ්ව විද්‍යාල අධ්‍යාපනය කුමන මට්ටමක පවතිනවාදැයි පහසුවෙන් වටහා ගත හැකි වෙනවාට කිසිදු සැකයක් නැත.

සියළු පාඨමාල ප්ළිබඳ තොරතුරු දැන ගැනීමට මෙම වෙබ් අඩවියට පිසෙන්න http://oyc.yale.edu/ (Course Home).

මා සිත් ගත් පාඨමලාවන් කිහිපයක් සඳහා Direct Links පහතින් දක්වා ඇත.

මෙවැනි මිල කළ නොහැකි සම්පත් විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයේ පවතිනව. ඒවායින් මා දන්නා, ඔබට නිර්දේශ කළ හැකි පාඨමලාවන් නිරන්තරයෙන්ම හඳුන්වාදීමට බලා පොරොත්තුවෙන් සිටිමි.

මෙම සටහන ඔබට කිසියම් අයුරකින් වැදගත් වූයේනම් හැකි පමණින් ඔබේ මිතුරු මිතුරියන් සමඟින්  හුවමාරු කරගන්න. එමෙන්ම ඔබේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා comments තීරුව භාවිතා කරන්න.

සුබ දවසක්.

Technorati Tags: , ,

මෙය මා අන්තර්ජාලයේ සැරිසරමින් සිටියදී අහම්බෙන් හමුවුන Video එකක්. බලන්න මෙය ඔබටත් සංවේදීද කියා.

Technorati Tags: ,

අයුබෝවන් !!! … ප්‍රථමයෙන්, මෙම වෙබ් අවකාශයට ඔබ සැම සාදරයෙන් පිළිගන්නව. මොකද්ද මේ අළුත් අවුරුද්දෙ හා හා පුරා කියල කරන්න යන වැඩේ ? මම එහෙනම් ඔබගේ වටිනා කාලය අපතේ නොයවා  මෙහෙම පටන් ගන්නම්.

  1. ඔබ පරිගනක ක්ෂේත්‍රයට අදුනිකයෙක්ද ?
  2. පරිගනක ක්ෂේත්‍රයේ නව ප්‍රවනතා පිළිබඳ උනන්දුවක් දක්වන්නෙක්ද ?
  3. නව තාක්ෂණික දනුම සොයා යන්නෙක්ද ?
  4. අන්තර්ජාලය ඔස්සේ නොමිලේ පාඨමාලාවන් හැදෑරීමට උනන්දුවක් දක්වන්නෙක්ද?
  5. නිදහස් මෘදුකාංග(Free & Open Source Software) භාවිතය ප්‍රිය කරන්නෙක්ද?
  6. ඔබ සතු දැනුම,විනෝදය අන් අය සමඟ බෙදා හදා ගැනීමට කැමති කෙනෙක්ද ?
  7. අන්තර්ජාලය තුල ඇති සුවිශේෂී ව්‍යාපාර ක්‍රම/ අවස්ථා පිළිබඳ උනන්දුවක් දක්වන්නෙක්ද ?

ඉහත සඳහන් කිසියම් පැනයකට ඔබේ ප්ළිතුර “ඔව්” නම්,  මෙම වෙබ් අඩවිය ඔබ වෙනුවෙන් විවෘත්ත වූ වෙබ් අඩවියක් වග ඉතා සතුටින් දන්වා සිටිමි.

ඔබගේ අදහස් උදහස් නිරන්තරයෙන්ම අපේක්ෂා කරමි.